Back to top

ආධුනිකයින් බ‍ඳවා ගැනීම 2025

ශ්‍රී ලංකා ජර්මන් ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන මොරටුව කර්මාන්ත ඉංජිනේරු
අභ්‍යාස ආයතනයෙහි (IETI) පහත සඳහන් පාඨමාලා හැදෑරීම සඳහා
අයදුම්කරුවන්ගෙන් ඉල්ලූම්පත් කැඳවනු ලැබේ

2025/04/30 වැනි දිනට වයස අවුරුදු 16 ට නොඅඩු 35 ට නොවැඩි අයට අයදුම් කල හැකි අතර, A4 ප‍්‍රමාණයේ පිටුවක සකසා ගන්නා ලද තම ජීව දත්ත සටහන ජාතික හැදුනුම්පතේ පිටපතක් සමග 2025/04/30 දිනට හෝ එදිනට පෙර අධ්‍යක්ෂ/විදුහල්පති, කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය, 581, ගාලූ පාර, කටුබැද්ද, මොරටුව යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ඔබගේ ලිපිනය සඳහන් මුද්දර ගැසූ දිග ලියුම් කවරයක් අයදුම්පත සමඟ අනිවාර්යෙන්ම එවිය යුතුය.
අයදුම්පත බහාලන කවරයේ වම් පස ඉහළ ‘‘ආධුනිකයින් බඳවා ගැනීම 2025 ජනවාරි’’ යනුවෙන් සඳහන් කළ යුතුය. මහජන බැංකුවේ කටුබැද්ද ශාඛාවේ ගිණුම් අංක 313100153656984 ට බැර කරන ලෙස සඳහන් කරමින් ඕනෑම බැංකු ශාඛාවකට රු. 1000/- ක් ගෙවා ලබාගත් ලදුපත (තැන්පත්කරුගේ නම සහ හැඳුනුම්පත් අංකය සදහන් විය යුතුය* අයදුම්පතට ඇමිණිය යුතු
අතර, එහි ඡුායා පිටපතක් ඔබ සතුව තිබිය යුතු වේ. එසේ අමුණා නොමැති අයදුම්පත් ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.
තැපෑලේදී නැතිවන හෝ ප‍්‍රමාදවන අයදුම්පත් සම්බන්ධයෙන් කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය වගකියනු නොලැබේ. ප‍්‍රමාදය වලක්වා ගැනීම සඳහා සම්පුර්ණ කරන ලද අයදුම්පත කල් ඇතිව ඉදිරිපත් කළ යුතුය.

Paper Advertisement