Tamil (Sri Lanka)English (United Kingdom)
මුල් පිටුව පුහුණුලාභීන් සඳහා ආධුනිකත්ව පුහුණුව

ආධුනිකත්ව පුහුණුව

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය ආධුනිකත්ව වැඩසටහන් ආධුනිකත්ව පුහුණු වැඩසටහන් සම්පාදනය කරයි. විවිධ කුසලතා 150 ක් ආවරණය වන පරිදි ක්ෂේත්‍ර 22 ක පුහුණු කටයුතු පවත්වනු ලබන අතර, තම අධ්‍යාපන සුදුසුකම් අනුව එකී පාඨමාලාවන් සඳහා ලියාපදිංචිවීමට අවස්ථාව සලසා ඇත. ඊට අමතරව ඔබට ග්‍රාමීය සහ ස්ථානීය වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මගින් ඕනෑම ක්ෂේත්‍රයක වෘත්තීය පුහුණුව ලැබීමට ඉඩ සලසා ඇත.

වයස:

අයදුම්පත්‍ර ඉදිරිපත් කරන විට අයදුම්කරුට වයස අවුරුදු 16 ට වැඩි හා 35 ට අඩු විය යුතුය. වයස 35 ට වැඩිවන අයදුම්කරුවන් සඳහා ගරු සභාපතිවරයාගේ අනුමැතියට යටත්ව විශේෂ අවස්ථා සඳහා පමණක් ඉඩ ප්‍රස්ථා විවර කරයි.

අධ්‍යාපන සුදුසුකම්:

  • අංක 01 යටතේ වර්ගීකරණය කර ඇති ක්ෂේත්‍ර සඳහා අ.පො.à·ƒ (සා.පෙළ) විෂයයන් 06 ක් දෙවතාවකට නොවැඩි වාරගණනකදී සමත්වීම හා ගණිතය හා භාෂාව විෂය සමත්වීම අත්‍යාවශ්‍ය වේ. (යම් අයදුම්කරුවෙකු භාෂා විෂය සමත්ව ගණිතය විෂය අසමත්ව සිටීනම්, ඔවුන් සඳහා විශේෂ ගණිත පාඨමාලාවක් සංවිධානය කරනු ලබන අතර, එයට සහභාගිවීම අනිවාර්‍ය වේ)
  • අංක 02 යටතේ වර්ගීකරණය කරන ලද වෘත්තීයන් සඳහා රජයේ හෝ රජය මගින් පිළිගත් ආධාර ලබන විද්‍යාලයක 7 ශ්‍රේණිය (8 වසර) සමත්වීම අවශ්‍ය වේ.
  • අංක 03 වර්ගීකරණය යටතේ වන විෂයයන් සඳහා රජයේ හෝ රජය මගින් පිළිගත් ආධාර ලබන විද්‍යාලයක 8 ශ්‍රේණිය (9 වසර) සමත්වීම අත්‍යාවශ්‍ය වේ.
  • අංක 04 වර්ගීකරණය යටතේ පාඨමාලා හැදෑරීමට අවශ්‍ය සුදුසුකම් එකී පාඨමාලා මගින් ලබාදෙනු ඇත.

ඉහත සඳහන් අධ්‍යාපන සුදුසුකම් හා වයස් සීමාවන් වෘත්තීය සුදුසුකම් සහතික පත්‍ර (NVQ) සඳහා අදාල නොවන අතර, එවන් පාඨමාලාවන් පහත ලැයිස්තුවේ විශේෂ කොට දක්වා ඇත.

ආධුනිකත්ව පුහුණුවෙන් ලබන ප්‍රතිලාභ

  • පුහුණුලාභියා ජීවත්වන ප්‍රදේශයේදීම පුහුණුව අතර තුර ආධුනිකයන් සඳහා කර්මාන්ත ශාලා, වැඩබිම් කාර්යාල ආදි ක්ෂේත්‍ර තුල ලබන පුහුණුවක්ද අන්තර්ගත වේ.
  • පුහුණුව ලබන ආධුනිකයන් සඳහා මසකට රු. 600/- ක දීමනාවක් හිමිවේ. (පුහුණුවේ පළමු 06 මාසය සඳහා)
  • වෙළඳ යෝග්‍යතා පරික්ෂණය සමත්වන ආධුනිකයන් සඳහා කුසලතා සහතිකයක් (දේශ්‍රීය හා ජාත්‍යන්තර පිළිගත් ) පරිනමයි.
  • රැකියා සඳහා යොමුකිරිම සහ උපදේශන සේවා ලබාදීම.
  • ආධුනිකත්ව පුහුණුව සාර්ථකව හදාරා නිමකල සහතික පත් ලත් පාඨමාලාභීන් සඳහා ව්‍යවසායකත්ව පුහුණුවක් සමඟ රු. 250,000/= ක් දක්වා වන ණය මුදලක් පිරිනමයි.

ලියාපදිංචි වන්නේ කෙසේද?

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය සතු දිස්ත්‍රික් කාර්යාල 25 ක් පවතියි. ඔබට අදාලවන දිස්ත්‍රික් කාර්යාල වෙත ගොස් නියමිත අයදුම්පත්‍රය පුරවා භාරදීමෙන් ලියාපදිංචි විය හැකිය.

 
පුහුණුලාභීන් සඳහා
සේවාදායකයින්ට
ලියාපදිංචිය
වෙනත් සේවා
සාමාන්‍ය
සහතික පත් නිරවද්‍යතාව…

වැදගත් සබැදි

මාර්තු 2017
බ්‍ර සි සෙ
26 27 28 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1