Tamil (Sri Lanka)English (United Kingdom)
මුල් පිටුව නිරතුරු අසන පැන

නිරතුරු අසන පැන

ඔබට ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිම් අධිකාරියෙහි පුහුණු වැඩසටහන් සම්බන්ධව ගැටළු ඇත්ද ? එසේනම් නිරතුරු අසන පැන හා ඊට පිළිතුරු පහතින් වේ.

පිලිතුර බැලීමට ප්‍රශ්නය මත ක්ලික් කරන්න

  1. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය පාඨමාලා පවත්වනු ලබන්නේ 100 කට ආසන්න වන දිස්ත්‍රික්ක කාර්යාල මගිනි.
  2. ඔබ කළයුතු වන්නේ ලඟම පවතින දිස්ත්‍රික්ක කාර්යාල වෙත ගොස් එහි වන පුහුණු අයදුම්පත සම්පුර්ණ කොට භාරදීමයි.

නැත,
අපගේ ඇතැම් පාඨමාලා සඳහා අවශ්‍ය මුලික සුදුසුකම 8 වසර සමත්වීම වන අතර, ඒ සම්බන්ධ විස්තර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ වෙළෙඳ ලැයිස්තු මගින් ලබාගත හැකිය.

නැත,
ඔබගේ අධ්‍යාපන සුදුසුකම් පමණක් ප්‍රමාණවත් වේ. ඔබ සුදුසුකම් ලබන පාඨමාලාව ඔබගේ අධ්‍යාපන සුදුසුකම් මත රදාපවතින අතර, එය ඔබ තෝරාගන්නා ක්ෂේත්‍රයටද අදාළ වේ.

 ඔව්, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පාඨමාලාවක් සාර්ථකව හදාරා නිමකරන සෑම ආධුනිකයෙකු සඳහාම සහතිකයක් හිමිවේ. එකී සහතිකය ශ්‍රී ලංකාව තුළ හා ජාත්‍යන්තරව නිසි පිළිගැනීමට ලක්වේ.

  1. බොහොමයක් පාඨමාලා සම්පුර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබයි.
  2. ඇතැම් පාඨමාලා සඳහා ඉතාමත් සහනදායී ගාස්තුවක් අයකරනු ලබයි.

ඔව්, ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකය පාඨමාලාභීන් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන ණය මුදලක් ලබාගැනීම සඳහා මඟපෙන්වීම සහ ආධාර කරනු ලබයි.

  1. ඔබගේ පුහුණූව සහ අධ්‍යාපනය අඛණ්ඩව සිදුකිරිම සඳහා ලැබෙන අවස්ථාව.
  2. නව කුසලතාවයන් සංවර්ධනය කරගැනීම උදෙසා ලැබෙන පිටුබලය.
  3. පිළිගත් සහතිකයක් ලබාගැනීම සඳහා වන අවස්ථාව
  4. වඩාත් සුදුසු රැකියාවකට පිවිසීම සඳහා ලබන අනුබලය.

ඔව්, සියලු පාඨමාලා ශ්‍රී ලංකාව තුළ ඉහළ පිළිගැනීමක් ලබන අතරම ඇතැම් පාඨමාලා ජාත්‍යන්තර පිළිගැනීමටද ලක්ව ඇත.

ඔව්, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය ජාතික වෘත්තිය පුහුණු කුසලතා 5 වන අදියර දක්වා පාඨමාලා පවත්වනු ලබයි.

කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතා හඳුනාගනිමින් යෞවන යෞවනියන්ගේ කුසලතා හා දැනුම වැඩිදියුණු වන පරිදි සැලසුම්ගත වැඩසටහන් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය මගින් පවත්වනු ලබයි.
එමගින් ශ්‍රී ලංකාව තුළ හා විදේශ රටවල වඩාත් හොඳ රැකියා අවස්ථා සඳහා දොරටු විවර කරදෙනු ලබයි.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූනි 13 වෙනි බදාදා, 06:33  
පුහුණුලාභීන් සඳහා
සේවාදායකයින්ට
ලියාපදිංචිය
වෙනත් සේවා
සාමාන්‍ය
සහතික පත් නිරවද්‍යතාව…

වැදගත් සබැදි

ඔක්තෝබර් 2017
බ්‍ර සි සෙ
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4