Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Home Latest News නයිටා ස්පෝට් 2019

නයිටා ස්පෝට් 2019

 


නයිටා ස්පෝට් 2019


ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA) අයතනය විසින් “නයිටා ස්පෝට්” 2019 නම් දීප ව්‍යාප්ත ක්‍රීඩා උලෙලක් සංවිධානය කොට ඇත.

NAITA ආයතනයෙන් දැනට පුහුනුව ලබන ආධුනිකයන් මෙන්ම ආදි ආධුනිකයන් ද අධිකාරියේ සේවය කරන කාර්යය මණ්ඩලයට ද අධිකාරියේ සේවය කල විශ්‍රාමිකයන්ට ද මෙම අවස්ථාවට සහභාගී වීමට අවස්ථාව ඇත.

මෙම ක්‍රීඩා උත්සව පිළිබඳව අදහස් දක්වන නයිටා ගරු සභාපති, හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති, මුස්ලිම් කොංග්‍රස් නියෝජ්‍ය නායක නසීර් අහමඩි මහතා ප්‍රකාශ කර සිටියේ නයිටා ආයතනයේ ඉදිරි වැඩසටහන් සඳහා සාමූහිකත්වය, සහජීවනය සහ සහයෝගය ඉහල නැ°විමේ අරමුණින් මෙවැනි දීප ව්‍යාප්ත ක්‍රීඩා උත්සවයක් පවත්වන බවයි.

1971 සිට ක්‍රියාත්මක අප අධිකාරිය වර්ථමානයේ වාර්ෂිකව 30,000 කට අධික ආධුනික පිරිසකට අලුතින් ආධුනිකත්ව පුහුණුව ලබාදේ. අපගේ පුහුණුව ලැබු ආධුනික පිරිස් දේශිය හා ජාත්‍යන්තර වෙළඳපොළතුල සේවය කරයි. නිපුණ ශිලපීන්, කාර්මික ශිල්පීන්, ව්‍යවසායකයින්, කළමනාකරුවන් ආදි ලෙස සිය වෘත්තිය ජීවිත පවත්වාගෙන යනු ලැබේ.

මෙම සියලුම කණ්ඩායම් ඒකරාශි කොට ඔවුන් අතර සම්බන්ධතා ගොඩනැගීම තුලින් අත්දැකීම් හුවමාරු කරගැනීම පුහුණු අවස්ථා හඳුනා ගැනීම සහ NAITA නාමය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ මුලික අරමුණු වේ.

මෙම ක්‍රීඩා උළෙල අදියර 02 යටතේ ක්‍රියාත්මක වේ. එහි පළමු අදියර මාර්තු මස 01 දින සිට දිස්ත්‍රික් මට්ටමෙන් පැවැත්වේ. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රීඩා උත්සවයන් 25ක් පැවැත්වේ. එහි පළමු ක්‍රිඩා උත්සවය මාර්තු මස 02 වන දින යාපනේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ.

මෙසේ පැවැත්වෙන දිස්ත්‍රික් කණ්ඩායම්වලින් ජයගන්නා ජයග්‍රාහකයින් ජුලි මස මැදදි කොළඹදි පැවැත්වෙන NAITA Sport 2019 ජාතික ක්‍රීඩා උත්සවයට සහභාගි වීමට අවස්ථාව උදාවේ.

 

Important Links

September 2019
S M T W T F S
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5