Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Home Latest News පුහුණු අවස්ථා දෙගුණ කිරීමේ වැඩසටහන දෙවන පියවර

පුහුණු අවස්ථා දෙගුණ කිරීමේ වැඩසටහන දෙවන පියවර


පුහුණු අවස්ථා දෙගුණ කිරීමේ වැඩසටහන
දෙවන පියවර  දිවයින පුරා ක්‍රියාත්මකවේ.

රජයේ සංවර්ධන වැඩපිළිවෙලට අනුව තරුණ තරුණියන් නිපුණත්වය තුලින් සංවර්ධන කාර්යය සඳහා දායක කරගැනීමටත් දැනට ශ්‍රම වෙළඳපොලේ ඇති විශාල ප්‍රමාණයක් වූ රැකියා අවස්ථා සලකාබලා එහි උපරිම වාසිය තරුණ තරුණියන්ට ලබාදීමටත්, රටේ ශ්‍රම වෙළඳපොලේ ඇති නිපුණ ශ්‍රමික හිඟය අවම කිරීම උදෙසාත් ඉලක්ක කොට අප අධිකාරිය මඟින්  පුහුණු අවස්ථා දෙගුණ කිරීමේ ජාතික වැඩසටහන ඇරඹීය. එහි පළමු අදියරය පසුගිය ඔක්තෝම්බර් මස පළමු දින සිට දිවයිනපුරා ක්‍රියාත්මක විය.

මෙම ජාතික වැඩසටහනේ දෙවන පියවර වශයෙන් දැනට බහුල රැකියා අවස්ථා පවතින ඉදිකිරීම් ක්ෂේත්‍රය, සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය, හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රය, මෝටර්කාර්මික ක්ෂේත්‍රය, විදුලි, ඉලෙක්ට්‍රොනික් සහ විදුලි සංදේශ  ක්ෂේත්‍රය, කෘෂිකර්ම හා පශු සම්පත් ක්ෂේත්‍ර යන ක්ෂේත්‍ර සඳහා ආධුනිකයන් බඳවා ගැනේ

පුහුණුවට බඳවා ගැනීමෙන් පසු මුල් මාස දෙක තුල ඔවුන්ට මූලික පුහුණුව ලබාදෙන අතර එහිදී වැඩබිමක සේවය කිරීමට අවශ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මූලික දැනුම පරිගණ දැනුම, ඉංශ්‍රීසි, සංනිවේදන කුසලතා සහ පෞරුෂ වර්ධනය කිරීම සඳහා වැඩසටහන ක්‍රියාත්මක දැනුමක් ලබාදේ. ඉන්පසු පුහුණුව ලැබූ තරුණ තරුණියන්ගේ අභිමතය පරිදි රැකියාගත පුහුණුව සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවා ස්ථානවලට යොමු කෙරේ. එහිදී කර්මාන්ත මඟින් ඔවුනට දීමනාවක් ලබාදීමට කටයුතු සළසා ඇත. පාඨමාලාව අවසානයේ ජාතික මට්ටමේ පිළිගත් NVQ 3,4 මට්ටමේ සහතික පිරිනැමෙනු ඇත. මූලික පුහුණු කාලයේදී අඩු ආදායම්ලාභින්හට ශිෂ්‍යත්වයක් ලබාදීමට කටයුතු කරයි. පාඨමාලාව හදාරන කාලය තුල සියලුම සිසුන්ට ලංගම වාර ප්‍රවේශ  පත්‍රය ලබාදීම සිදු කරනු ඇත.

මෙම ජාතික වැඩසටහනේ දෙවන අදියර දිවයින පුරා පිහිටි NAITA දිස්ත්‍රික් කාර්යාලවලදි පසුගියදා  ආරම්භ විය. එහි සමාරම්භක ජාතික උත්සවය නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්ව‍යෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චාර්ය ශාලාවේදි පැවැත්විණ.

මෙම ජාතික උත්සවය ඇමතු නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කර සිටියේ අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ ජාතික වැඩසටහන නුවර එළියේ පැවැත්වෙනවා සේම අද දිනයේ දිවයින පුරා මෙම ජාතික වැඩසටහන පැවැත්වෙන බවයි.

සාමාන්‍යපෙළ හදාරා උසස්පෙළ හදාරා පාසල් අධ්‍යාපනය නිමකර රැකියාවක් සොයා වැඩලෝකයට යන්නට සිටින තරුණ තරුණියන්හට මේ වැඩසටහන වැදගත් වන බවයි. අප සමඟ සම්බන්ධවන තරුණ තරුණියන්ගේ දෙමාපියන් භාරකරුවන්ද මේ මොහොතට කැඳවා ඇත්තේ වෘත්තීය පුහුණුව පිළිබඳ අදහසක් ඔවුනට ලබාදීමටයි. එමඟින් වඩාත් හොඳින් මෙම තරුණ දරුවන් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ කරගැනීමට හැකියාව ඇත.

නයිටා ආයතනය වැනි ආයතන මෙවැනි වැඩසටහන් තරුණ තරුණියන් බඳවා ගත්ත ද   වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව අදහස සමාජගත නොවීම ප්‍රබල ගැටලුවක්. ඒ නිසා වෘත්තීය අධ්‍යාපනය වැදගත්කම පිළිබඳ කතිකාවතක් ඇරඹිය යුතු වෙනවා. ජනමාධ්‍ය යේ වගකීමක් ලෙස මෙය සැලකුවත් ඔවුන් මෙවැනි වෘත්තීය අධ්‍යාපනය සඳහා ප්‍රචාරය ලබාදෙන්නේ අවම මට්ටම. රැකියාවක් සොයාගැනීම ජාතික අර්බුදයක් බවට පත්ව ඇති අද දවසේ තරුණ තරුණියන් රැකියාගත කිරීමේ ජාතික මට්ටමේ උත්සහයක් දැරීමට අපට සිදුවෙලා. ඒ නිසා වෘත්තීය පුහුණුවේ වැදගත්කම පිළිබඳ හැඟීම රට පුරා ඇති කිරීමට අවශ්‍යයි. මා කල්පනා කරන්නේ වෘත්තීය පුහුණුවේ සාර්ථකත්වය රඳාපවතින්නේ ඒ පිළිබඳ අදහස සමාජගත කිරීම මතයි. එම නිසා මෙලෙස අද දින වෘත්තීයට බඳවා ගන්නා මෙවැනි වැඩසටහන් ඒ පිළිබඳ අදහස සමාජගතකිරීම අනිවාර්යය කටයුත්තකි. ඊට ජනමාධ්‍ය සහයෝගය ද අවශ්‍ය වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යතුමන් ප්‍රකාශ කර සිටියේ විශ්ව විද්‍යාල සඳහා ඇතුළුල්වන වන සිසුන් 30,000 හැරුණු කොට පාසල් හැර යන 320,000 (තුන්ලක්ෂ විසිදාහ) කගේ අනාගතය පිළිබඳ වගකීම නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය වෙත පැටවෙන බවයි. ඒ සියලුදෙනාගේ පිළිසරණ වීමට නයිටා ආයතනය ඇතුළු අනෙකුත් වෘත්තීය පුහුණු ආයතනය බැදී සිටී. රැකියාවක් සඳහා කුසලතාවය ලබාගන්නා අපේ තරුණ තරුණියන්ට එදාට වඩා අද පහසුකම් සැපයිමට අපගේ ආයතන පද්ධතිය සූදානම් වෙලා තියෙනවා. පුහුණු අවස්ථා දෙගුණ කිරීම වැනි වැඩසටහන් මඟින් බඳවා ගන්නා සිසුන්ගේ ප්‍රමාණය වැඩිකර ඇති බැවින් සියලු පුහුණු අවස්ථා දෙගුණ කරමින් අනාගත වැඩ ලෝකයට ගැලපෙන ලෙස පාඨමාලා නවීකරණය කර තිබෙනවා. මෙම සියලු පහසුකම් වලින් අප අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ පාසල් අධ්‍යාපනය නිමා කරන තරුණ තරුණියන් ඒකරාශි කර ගැනීමටයි. නයිටා ආයතනයද මෙවැනි වැඩසටහන් හරහා බලාපොරොත්තු වන්නේද එයයි.

අපගේ අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් පුහුණුව ලබාදෙන ආයතනවලට වඩා නයිටා ආයතනය ලබාදෙන පුහුණුව සුවිශේෂී වූවක්. මූලික පුහුණුව මධ්‍යස්ථාන වල මාස දෙකක් ලබාදීමෙන් පසු ප්‍රායෝගික පුහුණුව සඳහා කර්මාන්ත සඳහා අනුයුක්ත කරනවා. වැඩබිමේ

ප්‍රායෝගික පුහුණුව ලබන දරුවන් හට ජාත්‍යන්තරව පිළිගන්නා NVQ සහතිකය ලබාදෙනවා. වර්තමාන වැඩලෝකයේ රැකියා අවස්ථා නැති පාඨමාලා ඉවත්කොට රැකියා ඉලක්ක කරගත් පාඨමාලා පමණක් අප වර්තමානයේදී පවත්වාගෙන යනවා. පාඨමාලා සාර්ථකව නිමකරන අයහට ලබාදෙන NVQ 3,4 මට්ටමේ සහතිකය අද අපොස සා.පෙළ, උසස්පෙළ සමත් මට්ටමට පිළිගැනීම රජයේ  පිළිගත් නීතියක් බවට පත්ව ඇත.

මෙතෙක් කල් දේශපාලනඥයින් රැකියා ලබාදුන් යුගය අවසන්කොට දක්ෂ නිපුණ ශ්‍රමබලකායක් ඇති කිරීම සමාජ අවශ්‍යතාවයක් කථාකරන භාෂාව, ආගම, ජාතිය මත  වෙන්කොට සැලකීම අද යුගයට නොගැලපෙන අතර කුසලතාවය සමානාත්මතාව තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකලහැකි බවත් එමඟින් රටක් දියුණු කළ හැකි බව කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

මෙම උත්සවය සඳහා නුවර එළිය  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.තිගකරාජ් මහතා, නුවරඑළියේ නඟරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා, නුවරඑළි දිස්ත්‍රික් දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා ආරාධිතයන් ලෙස සහභාගී වූ අතර පැමිණ සිටි අය සමඟ අත්දැකීම් බෙදා ගැනීම සඳහා NAITA පාඨමාලාව හැදෑරු ගෝල්ඩන් රීචි හෝටලයේ ප්‍රධාන සූපවේදී චන්දන ආරියත්න මහතා සහභාගී විය.

 

Important Links

January 2019
S M T W T F S
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2